සයිබර් අවකාශයේ දී ඇස්බැන්දුම කතන්දරය කියවූ රසික රසිකාවියන්ගේ අදහස් කිහිපයක්!

ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයාගේ කතන්දර මාලාව මුලින්ම ඉදිරිපත් කලේ සයිබර් අවකාශයට. පහත ඇත්තේ සයිබර් අවකාශයේ දී කතාව රසවිඳිනු ලැබූ රසික රසිකාවියන්ගේ ප්‍රතිචාර වලින් කිහිපයකි.

_________________________________________________________________
රසිකොලොජිස්ට් -
ස්තුතියි බුද්ධි. නියම කතාවක්. හරියට රුසියානු ළමා කතාවක් වගේමයි. මේක හොඳයි පොතක් අච්චු ගහන්න.
_________________________________________________________________

ප්‍රියන්ත හේවගේ මාතලන් -
එකම අඩු පාඩුව ඔබේ කතන්දරවලටත් වඩා අගනා චිත්‍රය නොමැති වීම පමණයි. චිත්‍ර 10-15 ක් දාලා රසිකලොජි කිව්වා වගේ ළමා කතනදර පොතකට ගන්නත් පුළුවන්.
_________________________________________________________________
රාජ් -
රසික කිව්ව වගේ නියම කතාවක්. ආදර්ශමත් කතාවක්.
_________________________________________________________________
ගිම්හානි -
සුන්දර ලමා ලෝකයට අපිවත් අරගෙනම ගියා වගේ.හරි ලස්සනයි .පොඩ්ඩන්ට කියවන්න දෙන්න හොද කතාවක්.
_________________________________________________________________
මාධව හබරකඩ -
ඇත්තටම මාරම ලස්සනට ලියනවා. ලිව්ව ඔක්කොම ලිපි එකතු කරල පොතක් ගැහුව නම් ඇත්තටම උණු කැවුම් වලට වඩා හොඳට විකිණෙයි.
_________________________________________________________________
එම්.පී.පී. ගුණසිංහ -
සුන්දරයි
_________________________________________________________________
එස්. එල්. මැලේ රාළ -
ඔව්! ඇත්තෙන්ම ලස්සනයි ..... ඇත්තටම ඕක ඔහොම උනාද?
_________________________________________________________________
දුමී -
ඇත්තටම චූටි මහත්තයෝ සිංහල භාෂාවට මෑතකදී එකතු වෙච්චි වචනේ දාලාම කිව්වොත් "පට්ටයි....". ෆිල්ම් එකක් බලනවා වගේ හැම දෙයක්ම ඇස් ඉස්සරහා මැවි මැවී පෙණුනා.... ඈත ඉඳන් සර්කස් කාරයා පුතා සහ බල්ලා බයිසිකලේ එන හැටි...දාඩිය මුගුරු දාගෙන ඉන්න හැටි, ඕස්ට්‍රේලියාව වගේ තියෙන රනිස්ටන්ගේ උපන් ලපේ..., බල්ලා තහඩු කෑලි උස්සගෙන එන හැටි, වටවෙච්චි මිනිස්සු අත්පුඩි ගහපු හැටි, චූටි මහත්තාලා රහස ගන්න ඩීල් දාපු හැටි...... ඇත්තටම මේක පට්ට ලස්සන ටෙලි ස්ක්‍රිප්ට් එකක් වගේ......!
_________________________________________________________________
බූරතීනෝ -
තාත්තා කියාපු කතාව ඇත්ත තමා.. අපි හැමෝටම බෑ ඇස්බැන්දුම් කරන්ට. එහෙම පුළුවන් නම් අපි හැමෝම පාර්ලිමේන්තුවට ගිහින් ඉන්ට එපායැ. බුද්ධි ලියාපු කතා අතරින් ලස්සනම එකක්. දුමියා කියන්නා වගේ රූප මැවෙනවා.
_________________________________________________________________
ඉන්දික උපශාන්ත -
චූටි "මහත්තයෙක්ගේ" කතාවක්. කියවල පැන්ට්‍රි එකට ගිහින් ඇස්දෙක පිහදාන ඇවිත් තමයි මේ කමෙන්ට් එක කොටන්නෙ. අළුත් උන්ට පරණ උන් එක්කල හැරෙන්නවත් බෑ චූටි මහත්තයො. මොකද උන්ට කොහෙද මෙහෙම අත්දැකීම්, උන්ට තියෙන්නෙ ගේම් බෝයි, ප්ලේසිටෙෂන් වල මනසින් අඳින සිතුවම් මිසක්ක මෙහෙම ඇස් තෙත් කරන සැබෑ ජීවන අත්දැකීම් නෙමෙයිනෙ.
_________________________________________________________________
ප්‍රාජේ -
රුසියන් ලමා කතාවක් කියවල තියනවද ගණිතය ඉගනීම හා බල්ලෙකුට ගණන් කිරීමට ඉගැන්වීම ගැන?
_________________________________________________________________
ප්‍රසන්න -
"ලෝකේ හැමෝටම ඇස්බැන්දුම් බෑ. අපි උත්සහ ගත්තොත් ඇස්බැන්දුමක් නැතුව වුනත් මිනිස්සු පුදුම කරන්න පුලුවන්...."
ඒ කතාව ඇත්තක් කියන එක මේ ලිපියෙන් ඔබ ඔප්පු කරල තියෙනව. කතාව උපරිමයි.
_________________________________________________________________
නාඩියා නාඩිරත්න -
අර කලින් කිව්වා වගේ මේකට බර සාර රුසියන් නම් ටිකක් දැම්මනං රුසියන් ළමා කතාවක් වගේම තමා.
_________________________________________________________________
කුරුටු ගෑ ගී පවුර -
සුන්දරයි බුද්ධි....., වැදගත් දේ මේ විදිහට ලිවීමයි..... ඒක ලොකු හයියක්.....!
_________________________________________________________________
අරුණි ෂපීරෝ -
 "හිතෙන් කියන දේවල් කාටවත් ඇහෙන්නේ නෑනේ." ඒක නිසා ඔන්න මේ සටහන රසවින්දා කියල අකුරු වලින් දැම්මා!
_________________________________________________________________
සු දී ක -
හැම පොස්ට් එකක් වගේම මේකත් ඉස්තරම්. බුද්ධිගේ මම දැක්ක විශේෂත්වයක් තමයි තමන්ට අවේනික උපමා, විශේෂණ යොදා ගැනීම. මම උදාහරණ දෙන්නේ නෑ. ඒක හැමෝටම දැනිලා ඇති.
_________________________________________________________________
ජයරංග දේවසුරේන්ද්‍ර -
බොහොම ලස්සනයි බුද්ධි. ඇත්තටම හොඳ පොතක් ගහන්න මරු කතාව. ආදර්ශමත් කතාවක්. මට මතක් වුනේ ආර්. කේ නාරායන්ගේ මල්ගුඩිය.
_________________________________________________________________
ඩූඩ් -
කෙටියෙන් කිව්වොත් පට්ටෙනුත් පට්ට. කතා කරන්න දෙයක් නෑ.
_________________________________________________________________
සිඳු -
අනේ මේක ඇත්ත කතාවක්ද? මට කියවගෙන යද්දි මුලින් මතක් වුණේ ටොම් සෝයර් ව. ඒත් අන්තිම වෙද්දි මට මතක් වුණේ , අහිංසක හොඳ ළමයි ඉන්න කතන්දරයක්. හරිම ලස්සනයි.
_________________________________________________________________
දුකා -
නියමයි! අදයි මේක කියෙව්වේ....විස්වාස කරන්න ලිපිය කියෝලා විනාඩි 3ක් විතර ඇති ඒත් තාම ඇස් දෙකේ කඳුලු!
_________________________________________________________________
බින්දි -
කියන්න වදන් නැත. සුපිරිම සුපිරිය. මෙහෙම ලියනවා නම් හැමදාම වසන්තය තමා. හරිම අගෙයි!
_________________________________________________________________
 ගස් ලබ්බ -
හදවතයි අක්මාවයි ගැහිලා ගැහිලා ඇස් දෙකෙන් කඳුලු පැන්නා.. මල්ගුඩිය, රුසියන් කථා එහෙම පරද්දන්න පුලුවන් අපේ ලේඛකයො ඉන්නවානෙ කියලා ලොකු සතුටක් දැනුනා. පොතෙන් මටත් පිටපත් කීපයක්ම ඕනෙ. දන්න පොඩි එවුන් ඔක්කොටොම කියවන්න දෙන්න වටිනවා. ජයවේවා..!!
_________________________________________________________________
ලොකු පුතා -
මචන් ඇස්දෙකට කඳුළු ආව බං උඹේ ලියවිල්ලට උඹ මේවා පොතක් විදිහට ගහන දවසට අපිටත් කියපන්, අර "ගස සහ ළමයා" පොත වගේ හරි සරළ ලස්සන කතා මෙව්වා. අපි පුංචි කාලේ මේ වගේ කොච්චර ලස්සන මතක අපි එක්කාසු කර ගත්තද...? මේ කතාව ඔක්කොටම වඩා ලස්සනයි... ඒ උනත් පොත ගහද්දි උඹ ලියපු කතා ඔක්කොම දාල ලොකු පොතක් ගහපන් පින්තුර එක්කම!
_________________________________________________________________
තිලක සිත -
රසවත් අපුරු කතාවක්. ළමයින් එක්ක ආයේ පාරක් කියවන්න ඕනි
_________________________________________________________________
කවිඳු ජයසිංහ -
"කව්රුත් නොහිතන පිලිවෙලට වැඩක් කලාම කව්රුත් පුදුම වෙනවා තමයි..... හරියට බල්ලා ගණන් හදද්දි වගේ...... ඇයි ඔයාමනේ දැං කිව්වේ, මේකත් ආං එහෙම දෙයක්." මේ අදහසට මම හරි කැමතියි... අපිට එහෙම වැඩ කරන්න පුළුවන් නම් හරි ශෝක්.... ජයවේවා !!

_________________________________________________________________

1 comments:

චූටි මහත්තයා පිළිබඳ ඔබගේ ප්‍රතිචාරය පහල තීරයේ සටහන් කරන්න. ඔබගේ ප්‍රතිචාරය අනුමත කිරීමෙන් පසු මෙහි පළ වේ.